Showing posts with label නමක් නැති සිතුවිලි. Show all posts
Showing posts with label නමක් නැති සිතුවිලි. Show all posts

2/10/2013

ඇහි පිල්ලම යට...

ඇහි පිල්ලම යට තියෙන්නෙ කාටත් නොපෙනෙන, ඒත් හිතට වද දෙන දේවල්.

බොහෝ වෙලාවට කඳුළු බින්දුවක්. නමුත් කාලයක් තිස්සෙ ඇහැ හැඩ කරපු ඇස් පිහාටුවක් වෙන්නත් පුළුවන්.

සමහර වෙලාවක කඳුළු බිංදුවක්ම වෙන්නත් පුලුවන්, එලියට ආවොත් දෙනෙත වසාගෙන ඉන්න කුකුංකුම අංජන වර්ණ සේරම දිය කරගෙන තමන්ට ඇතිකරන විරූපී ලැජ්ජාව හමුවේ.. ඇහි පිල්ලම යටම හිර කරගන්න කඳුළු බිංදුවක්.

මට ඕනෙ අතින් ඇදලා එළියට අරගෙන ඇහි පිල්ලම යට හිරවෙලා තියෙනෙ සේරම දේවල් එලියට විසි කරන්න...

එන්න. වට වෙන්න.. කියවන්න, රස විඳින්න, හිනාවෙන්න. උපහාසයට බැරිනම් අපහාසයට... මං එලියට විසි කරන්නෙ ඇහි පිල්ලම යට කැවෙන දේ............