මහ මග යනෙන තැන හැම අත රතු පැහැය
සළු පිළි සල්හි රතු පැහැ සළු පිරිලාය
දිලෙනා තරු විලස හදවත් එල්ලේය
මට නොදැනීම මුව මදහස එන්නේය
කුළුඳුල් වසර මල්සර හී පහර වැදී
සැලසුම් කරයි ඒ මොලයට නිවන නොදී
රහසේ ඈට දැනගන්නට ඉඩක් නොදී
සමරන අයුරු පෙම්වතුනගෙ දිනයේදී
දෙවසර තුන් වසක් කාලය ගත වෙන්නේ
නොදැනිම නවම් මහ මැද අත ලඟ එන්නේ
උදයෙම මුහුන දැක සිඹ සනසාලන්නේ
"එක දවසක් මොටද වෙසෙසිව සමරන්නේ"
සිව්වන වසර තෙක් කාලය ගත වෙන්නේ
බැඳගත් බෙරේ කෙලෙසක හෝ ගහපන්නේ
"තමුසෙට විකාරද මොනවද කියවන්නේ
සුද්දෙක් මැරුනු දා මොකටද සමරන්නේ"
පොත් පොත් පොත්
1 day ago
20 comments:
"තමුසෙට විකාරද මොනවද කියවන්නේ
සුද්දෙක් මැරුනු දා මොකටද සමරන්නේ"
මේ වචන ටිකනම් මට හොදට අහලා පුරුදුයි..
හිකිස් මමත් දැම්මා ‘වැල-ඉන්-ටයිම්‘ ගැන පොස්ට් එකක්. :)
ජය !
හික්ස්... කාලය මැවු වෙනසක අරුමේ....
වැලන්ටයින් නම් සමරලා වැඩක් නෑ. ආදරේ තියෙන්න ඕන එක දවස යෑ. අනික දැන් වැලන්ටයින් කියන්නේ බිස්නස් එකක්.
වැලන්ටයින් ජුවලරි කලෙක්ශන්
ගිෆ්ට් අයිටම්
එතනින් ගියහම එක එක සුකුරුත්තන් දේවල්
තව තව වයිවාරන්න දේවල් විකුණගන්න කරන දෙයක් වේ ඔය වැලන්ටයිම !!
ඔන්න ඔයා එහෙම ඕවට රැවටෙන්නෑ හරි ! :)
සුද්දා මැරුනු කතාවක් මම අහලා නෑනෙ. වැලන්ටයින් කියන්නේ එහෙම මරණයක් හින්දා සමරන එකක්ද...?
මම නම් කියන්නේ ඒකාකාරී ජීවිත වලට මෙහෙම හරි දවසක් එන එක හොඳයි කියලා. හරියට අපි සිංහල අවුරුද්ද සමරනවා වගේ.
දෙන්නට හෙට ට අවුරුදු 8යි, තවමත් වැලන්ටයින් සමරයි! ;)
හපෝයි... වැල N Time විකිණීමට තිබේ..
කාමර ඇත 1200/- ඕව ඇතුලෙ තමයි සමරන්නේ... ආදරේ කියල එකක් නෑ දැං :(
මේකට ශෙයා බටන් එකක් දන්නකෝ.. ලස්සන කවියක්.. ශෙයා කරන්න හැදුවෙ..
@දිනේෂ්: හ්ම්ම්... ඇහිච්ච වෙලාවෙ හිතුනු දේ...
@සෑම්: සෑම් ක්රියේෂන් එකේ නම් දැක්කෙ නෑනෙ. කලින් දාපු එකක්ද?
@මියුරු: ඒත් කාලයට වෙනස් නොවෙන හිතුත් මේ ලෝකෙ ඕන තරම් ඇති මියුරු.
@මධුරංග: නෑ.. නෑ.. සමරන්න ඕනෙ. සල්ලි වියදම් කරල නෙමෙයි. කොච්චර ආදරේ කරනවද කියලා දැනෙන්න සලස්වලා.
ඒත් ඒ වගේ දවසකදි අර වගේ කතාවක් අහන්න උනාම නම්...
@පැතුම්: අහලා නැත්නම් මෙන්න මේක කියවන්නකෝ...
වැලන්ටයින් ඇත්ත, වැලන්ටයින් දිනය සමරන්න ඕනෙ කියල මමත් පිළිගන්නවා.. ඒත් බොරු වියදම් කරලා නම් නෙමෙයි...
@ඒකාධිපතියා: ඔව්, එහෙම අය නැතිව නෙමෙයි... හැමදාමත් එහෙමම ඉන්න මම සුභ පතනවා...
@යසිත්: නෑ.. හැමෝම ගැන එකම විදිහට හිතන්නත් හොඳ නෑ.. ඒක වටිනා දවසක්. වටිනාකමින් ප්රයෝජන හරි විදිහට ගන්න දැනගන්න ඕනෙ. ඔන්න මම ශෙයා ලින්ක් දැම්මා... :) ස්තුතියි...
අමතක වෙලා අද මම රතු T එකක් ඇඳන් ආවේ..
@අසරණයා: මමත් අද පාරෙ යනකොට බැලුවෙම කවුද රතුපාට ඇඳන් යන්නෙ කියල... හි හි...
ආදරෙත් කාලෙත් එක්ක වෙනස් වෙනවා වගේ...
@ලහිරු: හැම ආදරයක් ම කියල මම කියන්නෙත් නෑ...
අහිංසක සුද්දෙකුට බනින එකටනම් විරෝධය....
@මාළුවා: මම බැන්නා නෙමෙයි. ඒ වචන උපුටා දැක්වුවා විතරයි..
:D හික්ස්ස්.. නියම කවි පෙළ... ඇත්තනෙ ඉතින්..
ස්තුතියි හිතූ... දැං මෙතනින් කොයි එකද ඇත්ත? සුද්දා මැරිච්ච දවස සමරන්න ඕනෙ නෑ කියන එකද? :)
සිරාය.. :)
බට් අයි හේට් ලව් ස්ටෝරීස්ය :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආදරයට විශේෂිත දින මොකටද.. හැමදාමත් ආදරෙයිනම්..
ලස්සනයි කව.
@රජ: බොහෝම ස්තුතියි උතුමාණනි... :)
@නන්ඳු: ස්තුතියි නන්ඳු...
Post a Comment