මහ මග යනෙන තැන හැම අත රතු පැහැය
සළු පිළි සල්හි රතු පැහැ සළු පිරිලාය
දිලෙනා තරු විලස හදවත් එල්ලේය
මට නොදැනීම මුව මදහස එන්නේය
කුළුඳුල් වසර මල්සර හී පහර වැදී
සැලසුම් කරයි ඒ මොලයට නිවන නොදී
රහසේ ඈට දැනගන්නට ඉඩක් නොදී
සමරන අයුරු පෙම්වතුනගෙ දිනයේදී
දෙවසර තුන් වසක් කාලය ගත වෙන්නේ
නොදැනිම නවම් මහ මැද අත ලඟ එන්නේ
උදයෙම මුහුන දැක සිඹ සනසාලන්නේ
"එක දවසක් මොටද වෙසෙසිව සමරන්නේ"
සිව්වන වසර තෙක් කාලය ගත වෙන්නේ
බැඳගත් බෙරේ කෙලෙසක හෝ ගහපන්නේ
"තමුසෙට විකාරද මොනවද කියවන්නේ
සුද්දෙක් මැරුනු දා මොකටද සමරන්නේ"
නිර්මාණකරුවාගේ අයිතිය
1 week ago
