ඇහි පිල්ලම යට තියෙන්නෙ කාටත් නොපෙනෙන, ඒත් හිතට වද දෙන දේවල්.
බොහෝ වෙලාවට කඳුළු බින්දුවක්. නමුත් කාලයක් තිස්සෙ ඇහැ හැඩ කරපු ඇස් පිහාටුවක් වෙන්නත් පුළුවන්.
සමහර වෙලාවක කඳුළු බිංදුවක්ම වෙන්නත් පුලුවන්, එලියට ආවොත් දෙනෙත වසාගෙන ඉන්න කුකුංකුම අංජන වර්ණ සේරම දිය කරගෙන තමන්ට ඇතිකරන විරූපී ලැජ්ජාව හමුවේ.. ඇහි පිල්ලම යටම හිර කරගන්න කඳුළු බිංදුවක්.
මට ඕනෙ අතින් ඇදලා එළියට අරගෙන ඇහි පිල්ලම යට හිරවෙලා තියෙනෙ සේරම දේවල් එලියට විසි කරන්න...
එන්න. වට වෙන්න.. කියවන්න, රස විඳින්න, හිනාවෙන්න. උපහාසයට බැරිනම් අපහාසයට... මං එලියට විසි කරන්නෙ ඇහි පිල්ලම යට කැවෙන දේ............
පොත් පොත් පොත්
1 day ago
9 comments:
ඕන දෙයක් ඕන විදිහකට ලියමු.. ඔන්න මාත් ආවා මේ පැත්තේ..
ලියමු... ලියමු... ඔන්න එක්කන් යන්න ආපු එක්කෙනත් එක්ක මාත් ආවා... :D
වෙල්කම් බැක් නංගි !!!
අළුත් ගමනට සුබාසිරි. දිගටම ලියමු. අනිවාර්යෙන්ම කියවන්න එන්නම්.
මොනා හරි කමක් නෑ රහට තියනවනම් කියවන්න...අකුරු පොඩ්ඩක් ලොකු කලානම් අගෙයි..
අස්වැන්නට ඇවිත් පා සළකුනු තියා ගොස් තිබුණාත ඒ ඔස්සේ තමයි මේ ආවේ..
තැබූ මුල් පිවර තුළින් දිගු ගමනක් යන්නට වරම් ලැබේවා..
ලියන්න හැම විටම යහපත් දේ කියවන්න එන්නම්...
@දිනේශ්: බොහොම ස්තුතියි මේ පැත්තෙත් ආවට.. හැමදාම එන්න කියලා ඉල්ලනවා... :)
@මියුරු: හි.. හි... ඔයාටත් ස්තුතියි මා එක්ක ආවට.. අතරමං වෙයි කියල එක්කගෙන ම ආවෙ..
@මධුරංග: ෂ්.......... :) සුභපැතුම් වලට ගොඩක් ස්තුතියි මධුරංග අයියේ..
@පැතුම්: ඔන්න අකුරු ලොකු කලා... දැන් හරි නේ.. රහ නම් වෙයිද මන්දා...
@රත්නායක: බොහෝම ස්තුතියි.. :)
හික්ස්... වෙල්කම් බැක් කියන්නද මාත්... ;)
දිගටම ලියන්න එහෙනම්.... ජය වේවා...
@ප්රාර්ථනා: අයියෝ ඉතින්... ෂ්............... දිගටම එන්න කියවන්න :)
සුභ මොහොතින් ආයෙමත් ආරම්භ කරමු.
Post a Comment